නිවැරැදිව උල්කාපාත වර්සාවක් නිරීක්ෂණය කරමු 😌
" එලිවෙනකම් ඇහැරිලා අහස නිරීක්ෂණය කරල එක උල්කාපාතයක්වත් දැක්කෙ නැත්නම්. "
අවශ්‍ය දේවල් :
• පැය දෙක තුනක් පමණ රාත්‍රි අහස දෙස බලා සිටිය හැකි විමසිලිමත් දෑසක් 👀
• වලාකුළු වලින් තොර පැහැදිලි අහසක් (වැස්සෙන්,සඳ එළියෙන්,විදුලි ආලෝක පහන් වලින් ඇති බලපෑම අවම විය යුතුය)
• අහසේ වැඩිම පරාසයක් පෙනෙන ස්ථානයෙක්. (බොහෝවිට නිවසේ ඇස්බැස්ටස් වහලය වඩාත් සුදුසුයි)
• මූලික තාරකා විද්‍යාත්මක දැනුම [🤩]
නිරීක්ෂණය කිරීම :
උල්කාපාත වර්ෂාවක් පවතින කාල සීමාව තුලදී එහි උපරිම තීව්රතාවයක් සහිත දවසක් තියෙනවා.එදින හෝ ඊට ආසන්න දිනයක පාන්දර 1am-4am අතර කාලය තෝරාගන්න පුලුවන් නම් හොඳයි.
ඉන්පසුව අදාල උල්කාපාත වර්ෂාවේ විමෝචක ලක්ෂය හෙවත් Radiant Point එක හොයාගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනි.
මොකද උල්කාපාත වර්ෂාව පේන්නෙ අහසේ ඒම ප්‍රදේශය තුලින් වීම නිසා.
උදාහරණයක් විදියට Perseids උල්කාපාත වර්ෂාවේ කේන්ද්‍රය වෙන්නෙ Perseus තාරකා රාශිය.
හොඳින් නිරික්ෂණය කලොත් පැයකට උල්කාපාත 5 කට වඩා ප්‍රමාණයක් දැකබලාගන්න පුලුවන් වේවි.
©Gayana Thathsara
Comments
Post a Comment